Home News ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

by Maduka

මාසික මිල සූත්‍රයට අනුව මෙම මාසයේ දී ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වී ඇති නමුත් පෙර ආනයනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ජූලි මස සිට අලෙවි වූ මිල ගණන් යටතේ ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3690කටයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කට අලෙවි කෙරෙනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd