46
වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අද (21) අලුයම පිළිමතලාව නගරයට ආසන්න ප්‍රදේශයකදී අනතුරකට ලක්ව තිබෙනවා.
නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය, අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් 7 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.