50



පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගෙන් වන්දි මුදලක් ඉල්ලා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් එන්තර වාසියක් යොමු කර තිබෙනවා.
තමන් විසින් පාර්ලිමේන්තුදී කළ කතාවක් විකෘති කරමින් හකීම් සිදුකළ අදහස් පළකිරීමට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම එන්තර වාසිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
අනුර කුමාර දිසානායකගේ නීතිඥවරයා මංජුල බාලසූරිය විසින් මෙම එන්තර වාසිය රවුෆ් හකීම්ට යොමු කර තිබෙනවා.


