Home Local ශ්‍රී ලංකාවේ අරමුණ ගැන කියූ ජනපති

ශ්‍රී ලංකාවේ අරමුණ ගැන කියූ ජනපති

by Maduka

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.

“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර එවන් තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බවයි.

ගෝලීය දකුණේ හඩ සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයකට පැමිණිමට උපකාරී වන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් “දැක්ම” ප්‍රකාශය දෙරට අතර පවතින ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරන බවත්, එය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා දෙරට අතර ශක්තිමත් ඒකාබද්ධතාවයකට හේතු වනු ඇති බවත් පැවසීය.

එසේම ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd