Home Local ශ්‍රේෂ්ඨාධිකරනයෙන් විශිෂ්ඨ තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරනයෙන් විශිෂ්ඨ තීන්දුවක්

by Maduka

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 8) නියෝග කර තිබේ.

ඊට අදාළ නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට එහිදී පෙත්සම්කරුට නියෝග කර ඇත.

සී.ඩී. ලේනව නමැති ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත් කරන ලද පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ. මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළත් වූහ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd