ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ පැවසුවේ නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහර දී ඇති බවයි.
නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පසුගියදා පහර දී තිබුණා.
පහර කෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී තිබෙනවා.
සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසනවා.
අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
සිසුවෙක් රෝහලට යැවූ ජපුරේ 06කට පන්ති තහනම්
26
previous post