54
සම පැහැපත් කරන විවිධ ආලේපන භාවිතා කිරීමට අද වනවිට තරුණියන් වැඩි වශයෙන් පෙළඹී ඇති බව නොරහසක්.
කෙසේනමුත් මෙම සුදුවීමට භාවිතා කරන ආලේපනවල අධික ලෙස සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු බව ඔබ දන්නවාද?
සෞඛ්‍ය අංශ පවසන්නේ අද වනවිට වැඩි වශයෙන් තරුණ තරුණියන් සුදු වීම සඳහා වෙළෙඳපොලේ පවතින නොයෙකුත් ආලේන වර්ග භාවිතා කිරීම හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බවයි.
ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසන්නේ මෙම ආලේපන භාවිතය හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරු වන පිරිසට වඩා වැඩි වේගයකින් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස වැඩි වී ඇති බවයි.