Home News හිරුණිකාගේ ඇප ඉල්ලීම කල් යයි

හිරුණිකාගේ ඇප ඉල්ලීම කල් යයි

by Maduka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවම් නියම වී ඇත්තේ.

අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූ අතර එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd