106
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 19 දෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.