Home Local 2015දී සංවර්ධනය නතර වූ තැනින් මං පටන් ගන්නවා – නාමල්

2015දී සංවර්ධනය නතර වූ තැනින් මං පටන් ගන්නවා – නාමල්

by Maduka

2015 රට සංවර්ධනය නතර වූ තැනින් ඉදිරියට රැගෙන යන බවත් මැතිවරණ කාලයේ වාසි ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19) පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මත්‍රීවරයා කියා සිටියේ රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර රටේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බවයි.

මැතිවරණ සමයේ වාසි ලබාගැනීම වෙනුවෙන් බොරු කියන එක හොඳ නැති බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd