Home Local කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට විදේශ ගමන් තහනමක්

කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට විදේශ ගමන් තහනමක්

by Maduka

ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගිය අවස්ථාවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකදී අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තමාට ලිංගික අතවර කළ බවට ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළැයි කියමින් කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

තරුණ ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් මාසයක පමණ කාලයක් විදේශගතව සිටි සේන යද්දෙහිගේ මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු ලංකාවේ නොමැති කාලයේ රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට පැමිණිලිකාරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකට කැඳවා ඇතැයි දැනුම් දුන්නේය.

එම කැඳවීමට අනුව ඇය පසුගිය මැය 07 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ අදාළ තරු හෝටලයට ගොස් ඇතැයිද ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට සුදානම් වු අවස්ථාවේදී සැකකරු තමාට ලිංගික අතවර කළ බවට පැමාණිල්ලේ සඳහන් බව දැනුම් දුන් නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයිද දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් විර්ශන කරන හෙයින් සැකකරුට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසියේ නිලධරීහු ඉල්ලා සිටියහ. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමන් අනතුරුව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රටින් පිටවීමට පැමිණියහොත් අත්අංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කළේය.

සිද්ධියට අදාළව කරන විර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.



You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd