Home Local කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

by Maduka

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 07ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ඒ අනුව දැනට අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වෙත වහාම ගොඩබිම වෙත හෝ ආරක්‍ෂිත ස්ථානයක වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd