තමා රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුව බවත් අයිස් කන්දට බිය වී කපිතාන්වරු සියලුදෙනා පැනගිය පසු තමාට භාරදුන් ටයිටැනික් නැව තමා ප්‍රවේසමෙන් වරායට ගෙන ආ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.
රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.