51
පොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයේ සිට සුනඛයින් 35 දෙනෙක් ආනයනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම සුනඛයින්ගේ වටිනාකම රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වන බවයි.
මෙම සුනඛයින් නෙදර්ලන්තයේ සිට අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.
සුනඛයින් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔහු එහිදී කියා සිටියේ මෙම සුනඛයින් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මොවුන් විශේෂයෙන්ම විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ දිවයින පුරා ක්‍රියාතමක යුක්තියේ මෙහෙයුම සඳහා යොදා ගැනීමට නියමිතයි.