මේ වනවිට රට මත පටවා තිබෙන දැවැන්ත විදේශ ණය බර සම්බන්ධ නිවැරදි සංඛ්‍යා දත්ත සඟවමින් ආණ්ඩුව වෙනත් විශාල ප්‍රචාර දියත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 43.323කි. එම ණය මුදල 2023 වර්ෂය අවසාන වනවිට එකතු වී තිබූ සමස්ත විදේශ ණය පමණක් වන අතර මුදල් අමාත්‍යංශයේ වාර්තාවෙන් දැක්වෙන්නේ එම වසර අවසන් වනවිට තිබූ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.342ක් බව ය.
මේ අනුව මූල්‍ය අරමුදලේ වාර්තාව සහ මුදල් අමාත්‍යංශ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අතර ඩොලර් බිලියන 6ක් වූ අති විශාල වෙනසක් පවතී. ආණ්ඩුව මේ වනවිට නිවේදනය කර ඇති තොරතුරු අනුව විදේශ ණය ආපසු ගෙවීම දීර්ඝ කර ගැනීම ඇතුළු ප්‍රතිව්‍යූහ ගත කර ගැනීමෙන් රටට ලැබෙන සමස්ත වාසිය ඩොලර් බිලියන 8ක් ය. නමුත් මෙම ඩොලර් බිලියන 8 සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් මේ වනතුරුත් තහවුරු කර නැත.