රටේ සමස්ත ජනතාවගේ ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුව පිළිබඳ යොමු විය යුතු ජනතා අවධානය වෙනස් කරමින් ක්ලබ් වසන්ත නම් පුද්ගලයා ඝාතනය කිරීම පිළිබඳ පුවත පිළිබඳව විවිධ ප්‍රචාර දියත් කරමින් සිටී.
මෙය සමාජ මාධ්‍ය තුළ මෙන් ම, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද එක සේ සිදු කෙරෙන බව නිරීක්ෂණය වේ. මේ පුද්ගලයා ඝාතනය වීමට පෙර ඇසුරු කළ පුද්ගලයන්, සිදු කළ ප්‍රකාශ සහ ඔහුගේ ම වීඩියෝ ඇතුළු විවිධ කරුණු උපයෝගී කර ගනිමින් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දී ඇත. එහෙත් අවම වශයෙන් එම ප්‍රචාර අතර මෙරට මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැල්ල වේගයෙන් ඉහළ යාම පිළිබඳව සමාජයේ අවධානය යොමු නොකිරීම විශේෂත්වයකි.
මේ ආකාරයෙන් එම ඝාතනය පිළිබඳ ප්‍රචාර තුළ ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉවත දැමීම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනවල පවා ලබා දී නොතිබිණි. තීරණාත්මක ජනාධිපතිවරණය අබිමුවට පැමිණ සිටින අවස්ථාවක කුමන්ත්‍රණකාරී ව ඉදිරිපත් කළ ව්‍යාජ පෙත්සම අධිකරණය හමුවේ මුළුමනින් ම පරාජයට පත් විය.