අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ටැටූ කඩයෙහි හිමිකරු ඇතුළු 06 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ බවයි ටැටූ ආයතනයේ හිමිකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.
“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණා” යනුවෙන් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
කෙසේනමුත් පොලීසිය සැක පළ කරන්නේ මෙම ප්‍රහාරය පිටුපස යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින බවයි.
මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් පතරොම් කොපුවල ඛ්ඵෛ යන ඉංග්‍රීසි අක්ෂර සටහන් කර තිබීඉම හේතුවෙන් පොලිසිය මේ පිළිබඳව සැක පළ කරනවා.
ඊයේ පෙරවරුවේ අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට ලක් වුණා.
මෙම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ සහ නයන යන අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු පස්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.