53
ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් සතු වූ පිස්තෝල දෙකක් වෙන්දේසි කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ ඉන් එක් පිස්තෝලයක් ඔහු සියදිවි නසා ගැනීමට අදහස් කරගෙන සිටි එකක් ලෙස සැලකෙන අතර, එය වෙන්දේසියේ දී පවුම් මිලියන 1.4 ක් හෙවත් හෙවත් රුපියල් කෝටි 54 කට අධික මුදලකට අලෙවි වී ඇති බවයි.
මෙම ආයුධ වෙන්දේසියෙන් යුරෝ මිලියන 1.2 ත් යුරෝ මිලියන 1.5 ත් අතර මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කෙරුණු අතර පැරිස් තුවක්කු නිෂ්පාදකයෙකු වන ලුවී-මරින් ගොස්සෙට් විසින් මෙම ආයුධ නිර්මාණය කර තිබුණා.