Home News තර්ජන රැසක් මැද ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද

තර්ජන රැසක් මැද ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද

by Maduka

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී පසුගියදා ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අව­සන් කට­යුතු අද (13) සවස 5.00ට බොරැල්ල කන­ත්තේදී සිදුකරනු ලැබුවා.

ඔහුගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ග­ලික මල්ශා­ලා­වක තැම්පත් කර තිබූ අතර පෙරේදා (11) එම මල්ශාලා හිමිකරුට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ද ලබා දී තිබුණා.

මල්ශාලාවේ කේබල් දුරකථනයට ආ එම ඇමතුමෙන් පවසා ඇත්තේ වසන්තගේ දේහය මල් ශාලාවේ දේහය තබා නොගන්නා ලෙසත් කිසිලෙසකින්වත් දේහය මහජන ගෞරවය සඳහා නිරාවරණය නොකරන ලෙසත්ය.

කෙසේනමුත් එම මල්ශාලා හිමිකරුට දෙවැනි වතාවටත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබෙනවා.

එම ඇමතුමෙන් පවසා ඇත්තේ කංජි­පානි ඉම්රාන් කළ දැනු­ම්දීම ක්ලබ් වස­න්තගේ පවුලේ උද­වි­ය­ටද දැනුම් දුන්නේද? යන්නයි.

මල්ශාලා­වට ලද තර්ජ­නා­ත්මක ඇම­තුම සම්බ­න්ධ­යෙන් බොරැල්ල පොලිසියට ලද පැමි­ණි­ල්ලක් අනුව බොරැල්ල පොලි­සිය අප­රාධ විම­ර්ශන අංශය මේ වන විට පරී­ක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මාක­ඳුරේ මධූෂ් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ආර­ක්ෂක අංශ වෙත ඔත්තුව දුන් පළමු පුද්ග­ලයා ලෙස ක්ලබ් වසන්ත හඳු­නා­ගෙන එම ඝාත­නය කළ බවට කංජි­පානි ඉම්රාන් පවසා ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd