56
ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද යොදාගෙන ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගෝවා සිට නාවික සැතපුම් 102ක් නිරිත දෙසින් වන ඉන්දියන් සාගරයේදී නෞකාව ගිනිගෙන ඇති බවයි.