Home News ගැබිනි මවු­ව­රුන් හා කුඩා දරු­වන් ගැන බය හිතෙන අනාවරණයක්

ගැබිනි මවු­ව­රුන් හා කුඩා දරු­වන් ගැන බය හිතෙන අනාවරණයක්

by Maduka

මෙරට ගැබිනි මවු­ව­රුන් සහ කුඩා දරු­වන් අතර දිය­වැ­ඩියා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ දිය­වැ­ඩි­යාව සහ හෝමෝන පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය උදිත බුළු­ග­හ­පි­ටිය පැවසුවේ පසු­ගිය වසර 10ක කාලය තුළ සිදු කළ සමීක්ෂණවලින් මේ බව අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම නාග­රික ප්‍රදේශ තුළ ජීවත් වන පුද්ග­ල­ය­න්ගෙන් 20%5ක් පමණ දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වී ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

පුද්ග­ල­ය­කුගේ නීරෝ­ගි­භා­ව­යට අවම වශ­යෙන් පැය භාග­ය­ක්වත් ව්‍යායාම කිරීම අත්‍ය­වශ්‍ය බවත් අධික සීනි සහිත ආහාර පරි­භෝ­ජ­නය ඉහළ යෑම හේතු­වෙන් පුද්ග­ල­යන් දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වන අතර, කිසි­යම් අය­කුට දිය­වැ­ඩි­යාව පව­තින්නේ නම් අක්ෂි ඇතුළු සිරුරේ පව­තින සෙසු අව­ය­ව­ව­ල­ටද හානි කරන බවත් වෛද්‍යවරයා එහිදී අවධාරණය කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd