by Maduka

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී අද (20) පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය

මීට වසර දෙකකට පෙර මම රට බාර ගන්නා අවස්ථාව වන විට රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටියා. එදා ආර්ථික කඩා වැටීමක් පමණක් නොව, නීතිය හා දේශපාලනයද කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් මේ ඡන්දෙදී පක්ෂ කඩා වැටීමකුත් සිදුව තිබෙනවා.
එදා මට අගමැතිධුරය භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ මා එය නොබියව භාර ගත්තා. නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට සහ අනෙකුත් පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් කිසිවෙක් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. නමුත් මා අභියෝගය භාර ගැනීමෙන් පසුව රට ගොඩ නැඟීම සඳහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළා.
ඒ අනුව ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සමඟ සාකච්ඡා කරන්න සූදානම් වුණා. නමුත් එම පක්ෂයේ සභාපතිවරයා ඊට එකඟ වුණේ නැහැ. අනතුරුන මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා.ඒ අවස්ථාවේ එතුමා කියා සිටියේ තම පක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය මා හට දැනුම් දෙන බවයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා.

සමගි ජනබලවේගයේ සහයෝගය ලබා ගැනීමටද එදා මා උත්සාහ කළා. නමුත් ඒ අවස්ථාවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ද ජනාධිපතිනරවකු තෝරා පත් කර ගැනීමට පැවැත්වෙන පාර්ලි‍මේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවයි. කෙසේ හෝ අවසානයේ ඔහු ඊට ඉදිරිපත් නොවී ඩලස් අලහප්පෙරුම මහතාව ඉදිරිපත් කළා. කෙසේ හෝ ඒ අවස්ථාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ අනෙක් පක්ෂ සමඟත් මා සාකච්ඡා කළා. ඒ අයගේද සහයෝගය මට ලැබුණා.
ඒ අනුව මා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. ආර්ථිකය මුළුමණින්ම කඩා වැටී තිබුණා. බිම් මට්ටමේ පාලන යාන්ත්‍රණය වගේම දේශපාලන යාන්ත්‍රණයද කඩා වැටීමට ලක්ව තිබුණා. මහජන නියෝජිතයින්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ නිවාස ගිනි තබා ඔවුන්ව බිය වද්දා පාරට බහින්නවත් පුලුවන් වාතාවරණයක් ග්‍රාමීය මට්ටමේ තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි, අනෙක් පක්ෂවල උදවියටත් පාරට බහින්න පුලුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් කලහාකාරීන් ගමේ බලය සියතට ගන්නවා. ඔවුන් උත්සාහ කළේ බිම් මට්ටමේ බලය අල්ලා ගැනීමටයි.

මේ අභියෝග පරාජය කරමින් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ඒමට මට හැකි වුණා. මේ ගමනේදී විරෝධතා මෙන්ම උද්ඝෝෂණවලට ද අපට මුහුණ දීමට සිදු වුණා.
මේ පසුබිම තුළ පළාත් පාලන මැතිවරණය පැමිණියා. නමුත් ඒ සඳහා එදා මුදල් වෙන්කර දීමට ශක්තියක් තිබුණේ නැහැ. එදා ඒ ඡන්දයට වඩා මුදල් වෙන් කරමින් ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබුණා. ඖෂධ, ඉන්ධන ආදිය ආනයනය සඳහා මුදල් වැය කිරීමට සිදුව තිබුණා.
ඒ අවස්ථාවේ එවකට පැවති මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සම්බන්ධව නීතිපතිතුමාගෙන් උපදෙස් නොගෙන සාලිය පීරිස් මහතාගෙන් උපදෙස් ලබා ගත්තා. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. කෙසේ හෝ පසුව එහි සාමාජිකයින් ඉල්ලා අස් වුණා. අලුත් කණ්ඩායමක් පත් වුණා. ඒ අවස්ථාවේදීද මා සත්‍ය ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රටේ මුදල් නැති බව මා නැවත ප්‍රකාශ කළා.
මේ ආකාරයට ක්‍රියා නොකර, ආර්ථිකය ගොඩ නැඟීම පසක තබා ඡන්දය පැවැත්වීමට මා ක්‍රියාකළා නම්, අද මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම කළා නම් එදා රට තිබූණ තැනින් ගොඩ ඒමට හැකි වෙයිද? අස්වැසුමට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් වෙන් කරන්න පුළුවන් වෙයිද? උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වෙයිද? එහෙම වුනා නම් මේ එකක්වත් අපට කරන්න හැකි වෙන්නේ නැහැ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd