70

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔහු අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකරට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි මොහු ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ආගමන විගමන නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබෙනවා.
