Home News වසර 3ක් සිපිරිගෙට ගිය හිරුණිකාට ඇප

වසර 3ක් සිපිරිගෙට ගිය හිරුණිකාට ඇප

by Maduka

බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙසට අද (11) කොළඹ මහාධිකරණය නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙක් කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18කට වරදකරු වීම හේතුවෙන් හිරුණුකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අත් අඩංගුවට ගනු ලැබුවා.

එහිදී මහාධිකණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා විසින් ඇපෑලක් ඉදිරිපත්කර ඇති බැවින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ඇයට ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd