Home News අනුර කුමාර ඇප තැන්පත් කරයි

අනුර කුමාර ඇප තැන්පත් කරයි

by Maduka

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නිලධාරීන් පිරිසක් අද (06) ජාතික මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළා.

මේ අවස්ථාව සඳහා මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd