Home News තණමල්විල දැරිය දූෂණය කළ සිසුන්ට අධිකරණය දුන් නියෝගය

තණමල්විල දැරිය දූෂණය කළ සිසුන්ට අධිකරණය දුන් නියෝගය

by Maduka

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.

තණමල්විල ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම සිසුවා, මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බවයි විමර්ශවලදී අනාවරණය වී ඇථ්තේ.

අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිප‍දෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර තිබෙනවා.

එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

දැරිය අපයෝජනය කිරීම සඳහා එම පාසලේම සිසුන් 17 දෙනෙක් එක් වී තිබෙනවා.

පසුගියදා කිරිඳි ඔය අසලදී ද මෙම දැරිය අදාළ සිසුන් කිහිපදෙනා සමූහ ශූෂණයට ලක් කර තිබෙනවා.

එම අවස්ඨ්Hආවේදී ද මෙම සිසුනෙය වීඩියෝගත කර තිබූ අතර පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබූ බවයි වාර්තා වන්නේ.

විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙන් සිද්ධිය විදුහල්පතිවරයා විසින් යට ගසා තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අපයෝජනයට ලක් වූ දැරිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ විය.

මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බවයි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17 දෙනෙක් සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙසයි.

ඊට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd