Home Local ජනපති නාම යෝජනා පත්‍ර අත්සන් තබයි

ජනපති නාම යෝජනා පත්‍ර අත්සන් තබයි

by Maduka

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.

ඒ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය.

මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද පළ කළහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසක් ද, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd