Home Local ජීවිත 3ක් බිලිගත් අනතුර

ජීවිත 3ක් බිලිගත් අනතුර

by Maduka

දිවුලපිටිය – මීගමුව මාර්ගයේ දූනගහ හන්දියේදී සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව දිවුලපිටිය පොලිසිය පවසනවා.

ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රියෙහි ගමන්ගත් පි‍රිමි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වන්නේ.

අද (15) උදෑසන 8.30ට පමණ දිවුලපිටිය සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තවත් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරුගේ නොසැලකිලිමත් නිසා මෙම අනතුර සිදුව ඇති බව දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd