45
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි ඔවුන් අද අධිකරණය ඉදිරිපත් කෙරුණේ.
එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර නියෝග කළේ සැකකරුවන් සැප්තැම්බර් 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.
මෙම වෙඩි තැබීමෙන් තවත් සිවුදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.