44
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් ජනතා ප්රවේශය සඳහා මුදා හැර තිබෙනවා.
දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්රකාරවයි නාමයෝජනා පත්ර සමග ජනාධිපති අපේක්ෂකයිනගේ වත්කම් බැරකම් ප්රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී ඇත්තේ.
ඒ අනුව, එහි හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිත පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ප්රසිද්ධ කර තිබෙනවා.