44
රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙම අවස්ථාව 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා ක්‍රියාත්මකයි.
එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන්ට මෙලෙස වීසා ගාස්තු රහිතව මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවනවා.