Home Local විවාදයට තමන් ලෑස්ති බව නාමල් දැනුම්දෙයි

විවාදයට තමන් ලෑස්ති බව නාමල් දැනුම්දෙයි

by Maduka

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදය සම්බන්ධයෙන් කළ ආරධනාව තමන් පිළිගන්නා බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.

දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා ප්‍රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.

තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd