මැතිවරණය කල්දැමීම පිළිබඳව තමාට කිසිම කනගාටුවක් නොමැති බවත් ජනතාවට ජීවත්වීමේ අයිතියට තමා ගරු කළ බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
තමා රටා භාරගන්නා අවස්ථාවේදී රටේ හැමතැනම පෝලිම් තිබූ බවත් දැන් අවුරුදු දෙකක් ඉදිරියට විත් අර්ථිකය ස්ථාවර කරලා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි.
“අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.
ඒත් තවමත් මේ රටේ ජනතාවට බරක් තියෙනවා. මම ඒක නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ අවුරුදු දෙකේ විතර නැති කරනවා.
මේ ඔක්කොම අමතක කරලා මම ප්රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා නම් මොකක්ද වෙන්නේ. එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ලා තීරණය කරන්න. මගේ කිසිම කණගාටුවක් නැහැ මේක කල්දාපු එක ගැන. ජනතාවට ජීවත්වීමේ අයිතියට මම ගරු කළා. ඡන්ද අයිතියටත් මම ගරු කළා.”