Home Local ජනතාව දුකින් මුදාගැනීම මගේ වගකීමක් – රනිල්

ජනතාව දුකින් මුදාගැනීම මගේ වගකීමක් – රනිල්

by Maduka

ජනතාව ජීවත් කරවීම යනු ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන බවත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මඩකළපුව සහ දඹුල්ල මැතිවරණ ප්‍රචාරක රැලි අමතමිනි.

ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදී නොමැති බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපවතිවරයා වශයෙන් ජනතාව දුකින් මුදා ගැනීමට තමාට වගකීමක් ඇති බවයි.

එම නිසා තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාගතය ආරක්ෂා කර ගැනීමට නම් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගැසිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

නැතිනම් ගෑස් සිලින්ඩර් නැතුව ජීවත් වීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd