Home News ඉන්දීය ආර­ක්ෂක උප­දේ­ශක ජන­පති හමුවෙයි

ඉන්දීය ආර­ක්ෂක උප­දේ­ශක ජන­පති හමුවෙයි

by Maduka

ඉන්දීය ජාතික ආර­ක්ෂක උප­දේ­ශක අජිත් දොවාල් හා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (30) පැවති මෙම හමුවේදී 2023 දෙසැ­ම්බර් මස මොරි­ෂස් රාජ්‍යයේ පැවති හය­වන ජාතික ආර­ක්ෂක උප­දේ­ශක මට්ටමේ සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව ඉන්දි­යාව, මාල­දි­ව­යින, මොරි­ෂස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව විසින් කොළඹ ආර­ක්ෂක පර්ෂද ලේකම් කාර්යා­ලය ස්ථාපිත කිරීම සඳහා ප්‍රඥ­ප්ති­යට සහ අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තැබීය.

ඉන්දීය ජාතික ආර­ක්ෂක උප­දේ­ශක අජිත් දොවාල් කොළඹ ආර­ක්ෂක පර්ෂ­දයේ ආර­ම්භක ලේඛන අත්සන් තැබීම සඳහායි ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත වන්නේ.

එහිදී ඉන්දීය ජාතික ආර­ක්ෂක උප­දේ­ශක අජිත් දොවාල් කලා­පීය ආර­ක්ෂාව සහ ස්ථාව­ර­ත්වය සහ­තික කිරී­මෙ­හිලා කොළඹ ආර­ක්ෂක පර්ෂ­දයේ වැද­ගත් කාර්ය­භා­රය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සඳහා ආර­ම්භක ලේඛ­න­වල වැද­ග­ත්කම ඉස්මතු කළේය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd