Home News එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්

by Maduka

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒඅ අනුව හෙට (01) සිට ලබන මස 31 වැනිදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි.

මෙහිදී වලංගු වීසා නොමැතිව එරට රැඳි සිටින පුද්ගලයින්ට හා සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව රැකියාවන නියතු වුවන්ට දඩ මුදල් අය කිරීමකින් තොරව එරටින් බැහැර වීමට අවකාශ සැලසෙනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට අදාළ කාලය තුළ විශේෂ සේවා ලබා දීම සඳහා ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම පොදු සමා කාලය යටතේ එරටින් පිටවීමට අපේක්ෂා කරන්නේ නම්, පිටවීමේ අවසර පත්‍රය ලබාගෙන දින 14ක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් විය යුතුයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැදී සිටින්නේ නම් මෙම පොදු සමා කාලය පිළිබදව ඔවුන් දැනුවත් කරන ලෙසයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd