Home World රුසියාවේ ඔත්තු බැලූ තල්මසා මියයයි

රුසියාවේ ඔත්තු බැලූ තල්මසා මියයයි

by Maduka

රුසියාව විසින් ‘නේටෝ’ සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව කියන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නෝර්වේ රාජ්‍යයේ, නිරිත දෙසින් පිහිටි ‘රිසාවිකා’ නමැති වෙරළාශිත නගරයට ඔබ්බෙන් මුහුදෙන් ‘ව්ලැදිමීර්’ යන නමින් හැඳින්වුණු මෙම බෙලූගා තල්මසාගේ සිරුර හමු වී ඇති බවයි.

නෝර්වේ බලධාරීන් විසින් තල්මසාගේ සිරුර මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

කෙසේනමුත් තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම තල්මසා මිනිසුන්ට හීලෑ සත්වයෙක් වන අතර පසුගිය වසර ගණනාව මුළුල්ලේ අවස්ථා කීපයකදී, යුරෝපා රටවලට ඔබ්බෙන් මුහුදේ දී මෙම තල්මසා කරපටියක් ද සමඟින් නාවිකයන්ට හමුවී තිබෙනවා.

කෙසේවෙතත් ඔත්තු බැලීමට මෙම තල්මසා යොදා ගත් බවට එල්ල වන චෝදනා රුසියන් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ විසින් තහවුරු කර නැහැ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd