Home News ආහාර විෂ වී ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 500ක් රෝහලේ

ආහාර විෂ වී ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 500ක් රෝහලේ

by Maduka

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

ආහාර විෂ වීමක් හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

රෝගී වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd