Home News හිඟ බදු සඳුදාට පෙර ගෙවන්නැයි දැනුම්දීමක්

හිඟ බදු සඳුදාට පෙර ගෙවන්නැයි දැනුම්දීමක්

by Maduka

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ 2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවයි.

කෙසේනමුත් යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත්වනු ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසනවා.

එමෙන්ම ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ලම ලබන සඳුදාට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වනවා.

එමෙන්ම සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1944 කෙටි දුරකතන අංකයෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බවත් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd