Home News උතුරුමැද පළාත් ගුරු විභාගයේ ලකුණු වංචා කර ගුරු පත්වීම් විකුණලා

උතුරුමැද පළාත් ගුරු විභාගයේ ලකුණු වංචා කර ගුරු පත්වීම් විකුණලා

by Maduka

උතුරුමැද පළාතේ පාසල්වල පැවැති ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුරු පත්වීම් 1444 ක් පිරිනැමීමේදී ඇතැම් පත්වීම්ලාභීන්ගෙන් එම පළාත් සභාවේ රාජ්‍ය නිලධාරින් අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට උතුරුමැද පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධාරීන්ගේ සංගමය චෝදනා කර සිටිති.

උතුරු මැද පළාතේ ගුරු විභාගයේ දෙවන අදියරේ සිදුවූ අක්‍රමිකතා මැයෙන් එම පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා වෙත බාර දුන් ලිපියක මේ බව සඳහන් කොට ඇත.

එම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ උතුරු මැද පළාත් සභාපති ඒ.එම්.එස්.ප්‍රියංකරගේ අත්සනින් යුත් එම ලිපිය රැකියා නොලද උපාධිධාරින් පිරිසක් විසින් පසුගියදා ආණ්ඩුකාරවරයා වෙත භාර දී තිබේ.

එම ගුරු විභාගයට ඉදිරිපත්ව මෙතෙක් ගුරු පත්වීම් නොලැබ අගතියට පත්ව සිටින ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් නව සියයකට ආසන්න පිරිසකට සාධාරණ තීන්දුවක් ගෙන ඔවුන්ටද සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමේ අවස්ථාව ලබාදෙන ලෙසත්නොඑසේ නම් එකී ලිඛිත ගුරු විභාගයේ සමස්ත ක්‍රියාවලිය ඉතා පිරිසිදුව සාධාරණ මෙන්ම විනිවිද භාවයකින් යුතුව සිදුකර ඇති බව සනාථ කිරීමට සියලු අපේක්ෂකයින්ගේ ප්‍රශ්න පත්‍රවල ලකුණු අපක්ෂපාතී අධීක්ෂණ මණ්ඩලයක් යටතේ නැවත පරීක්ෂා කරවා ඔවුන්ගේ සත්‍ය ලකුණු අනාවරණය කරන ලෙසත් ඔවුන් සිය ලිපියෙන් පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

මේ අතර ඇතැම් උපාධිධාරීන් අදාල සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමේදී හා බඳවා ගැනීමේදී පළාත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් වශයෙන් මුදල් ලබා ගෙන සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් නොලද විභාගය සමත් අපේක්ෂකයින්ගේ ලකුණු අඩුකර සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවීම් ලද සහ පත්වීම්ලාභීන්ගේ ලකුණු ඊට සරිලන පරිදි වැඩිකර ඇති බවත් ඔවුහු චෝදනා කර සිටිති.

එමෙන්ම මෙම ගුරු විභාගය සඳහා පෙනී නොසිටි හා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් නොලඳ පුද්ගලයින්ටද ගුරු පත්වීම් ලබා දී ඇති බවත් එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd