තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති අතර ජනාධිපති අනුර කුමාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දක්වා ඇත්තේ පොරොන්දු වූ පරිදි මැයි 03 වන දින රාත‍්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත‍්‍රි 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවට එක්වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වී ඇත්තේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ (04) සිට මෙම මස 06 වැනිදා දක්වා වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
26