Home News චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

by Maduka

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ.

ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd