Home News ලෝක බැංකු සභාපති හා අගමැතිනිය අතර හමුවක්

ලෝක බැංකු සභාපති හා අගමැතිනිය අතර හමුවක්

by Maduka

මෙරට සංචාරයක නිරත වී සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (07) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ අනාගත සහයෝගීතාවය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිරත වී ඇති අතර අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකු සභාපතිවරයා වෙත පවසා ඇත්තේ සියලු දෙනා ඇතුළත් වන සංවර්ධන ඉලක්ක, ආර්ථික ස්ථාවරත්වය සහ රජය දිගු කාලීන වැඩපිළිවෙලක ගමන් කරමින් සිටින බවයි.

එහි එක් වැදගත් අංගයක් ලෙස මෙවැනි ගෝලීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත්තේ.

තවද ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඔහු ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක් ලබාදෙන බව පවසා තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd