Home World ගාසා තීරයේ හමාස් නායකයා ඝාතනය කළා – නෙතන්යාහු

ගාසා තීරයේ හමාස් නායකයා ඝාතනය කළා – නෙතන්යාහු

by Maduka

ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ බවයි.

ඉන් අනතුරුව පසුගිය 21 වැනිදා ඔහු මියගොස් ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.

හමාස් සංවිධානයේ නායක මොහොමඩ් සින්වාර්, 2023 ඔක්තෝබර් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු වන යාහියා සින්වාර්ගේ බාල සහෝදරයා වනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව පැවසුවද හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නැහැ.

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ ඝාතනය කළ අතර 250 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබූ අතර ඉන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 53,000 ඉක්මවනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd