Home News ආසියාවේ පැතිරෙන කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවෙයි

ආසියාවේ පැතිරෙන කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවෙයි

by Maduka

ආසියානු කලාපයේ පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

LF. 7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි එම ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.

කෙසේනමුත් ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවත් මේ හේතුවෙන් කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත්ය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd