Home Local ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ අලුත්ම හැඩකාරයා

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ අලුත්ම හැඩකාරයා

by Maduka

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා බලඇණිය තව දුරටත් පුළුල් කරමින් A330-200 පුළුල් බද සහිත යානය අද (04) දිවයිනට පැමිණියා.

මෙම යානය අද (04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කරනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය මෙය වීම විශේෂත්වයක්.

මෙම ගුවන් යානයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd