නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) රෝමයේ වතිකානුවේදී පැවැත්වීමට නියමිතයි.
අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන අතර මෙවර තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ 267 වන පාප් වහන්සේයි.
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
කෙසේනමුත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.
Maduka
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි පසුබිමක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.
මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවයි.
එමෙන්ම තමන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් මැතිවරණ කොමිසමට ඊට අදාළ නීතිමය පියවර ගත හැකි බවත් ඇය එහිදී අවධාරණය කළා.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (06) පස්වරු 04.00ට අවසන් වුණා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරුණා.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කර ඇති අතර මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා
ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට (07) මෙරටට පැමිණීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ.
ලෝක බැංකු සභාපතිවරයෙකු වසර 20 කට පමණ පසු මෙරටට පැමිණීම විශේෂත්වයක් වන අතර සභාපතිවරයාගේ මෙම සංචාරයේදී රැකියා නිර්මාණයට සහාය වීම, පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථිකයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ වියට්නාම රජයේ විශේෂ ගුවන් යානයකින්.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වූ අතර ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට එහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං හමු වී තිබෙනවා.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. තවද එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
2025 පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 07.00ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00ට අවසන් වීමට නියමිත බවයි.
එමෙන්ම මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණයේ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරියේ යොදවා ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ 25,000ක් යොදවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.