මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු කියා සිටියේය.
Maduka
මීට සුළු මොහොතකට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළදීයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ.
ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ, ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වන්නේ.
ගෝවේ නගරයේ කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුරදී බැතිමතුන් රැඳී සිටි පෝලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
තෙරපීමෙන් තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හෙට (04) දිනයේදීද ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.
ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
අද (03) මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් කළ යුතු වනවා.
අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සලකනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ පැවසුවේ නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහර දී ඇති බවයි.
නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පසුගියදා පහර දී තිබුණා.
පහර කෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී තිබෙනවා.
සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසනවා.
අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
කෙසේනමුත් මෙම සෝදිසි මෙහෙයුමේදී කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි ගුවන්තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ.
අද (03) උදෑසන 11.26 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එම ගුවන් යානය තුළ කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන ත්රස්තවාදීන් 6 දෙනෙකු සිටින බවට ලද තොරතුරක් මතයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ.
එසේම පැමිණෙන පිරිසගේ ගමන් බලපත්‍ර අංක, ඡායාරූප කිසිවක් ගුවන්තොටුපොළ වෙත එවා නොමැති, අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ.
එමෙන්ම සැක කටයුතු පිරිස 06 දෙනෙක් හෝ නැතිනම් 07 දෙනෙකු ලෙස නිශ්චිතව කිව නොහැකි බවටත් කටුනායක ගුවන්තොටුපොළ වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත ලද පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් යුධ හමුදා, සිවිල් ආරක්ෂක සේවා සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව, ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර එහිදී සැක කටයුතු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වේ .
තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති අතර ජනාධිපති අනුර කුමාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දක්වා ඇත්තේ පොරොන්දු වූ පරිදි මැයි 03 වන දින රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත්‍රි 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවට එක්වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වී ඇත්තේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ (04) සිට මෙම මස 06 වැනිදා දක්වා වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
Russia launched a mass drone attack late on Friday in Kharkiv, Ukraine’s second-largest city, hitting a high-rise apartment block, triggering fires and injuring 46 people, officials said.
Mayor Ihor Terekhov, writing on the Telegram messaging app, said there had been strikes in 12 locations in four central districts of the city, a repeated target of Russian air attacks lying 30 km (19 miles) from the country’s northeastern border.
President Volodymyr Zelenskiy denounced the drone strikes, which hit Ukrainian cities several times a week. He said dozens of drones had been launched and Ukraine’s allies were moving too slowly in helping beef up its air defence capability.
“There were no military targets, nor could there be any. Russia strikes dwellings when Ukrainians are in their homes, when they are putting their children to bed,” Zelenskiy wrote on Telegram.
“As the world delays decisions, almost every night in Ukraine turns into a horror that results in the loss of lives. Ukraine needs stronger air defences. Stronger and real decisions from our partners: the United States, Europe, all our partners who seek peace.”