බොහෝ දුරට අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අගමැති ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සුභදායක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට අත්කරගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
ආචාර්ය හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, ආයෝජන අමාත්‍ය ධුරද පවරා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය අද ඉතිහාසයට එක් වුණා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර සිය විෂය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් වීම විශේෂත්වයක්.
පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.
ආහාර විෂ වීමක් හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
රෝගී වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙම උපදෙස් නොසලකා මත්පැන් අලෙවි කරන අයට එරෙහිව නෛතික පියවර ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සන්දහන් කරන්නේ.
කෙසේනමුත් බලපත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථානයන්හි නේවාසික සංචාරකයන් සඳහා පමණක් මත්පැන් ලබා දීමේ හැකියාව පවතිනවා.
පසුගියදා ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී හමු වු බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ බිළිඳිය උපන් විගස වයරකින් ගෙල සිර කර මෙම ඝාතනය කර ඇති බවයි.
ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයකින් දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රීරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක තිබී මෙම බිළිඳියගේ සිරුර හමුවී තිබුණා.
සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවයි.
ඒ අනුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලොව එළිය දුටු බිළිඳිය මරා දැමූ බව ඇය පවසා තිබෙනවා.
තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට පැමිණි බවයි සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට පෙර ත්‍රිරෝද රථ රියදුරාගේ මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වූ බවයි ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර රියදුරා අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (12) මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයෙන් (11) අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.
බන්ධනාගාරගත වූ රැඳවියන් 362 ක් අද (12) දිනයේදී නිදහස් කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෑසුවේ අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 දෙනෙක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කරන බවයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමනු ලබනවා.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වනවා.
රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය 4,5 සහ 6 යන දින ලබා දී තිබූ අතර එම දින තුනේදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද (12) ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින දෙක මැතිවරණ කොමිසම ලබාදුනා.
ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ ද තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.