ආසියානු කලාපයේ පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
LF. 7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි එම ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.
කෙසේනමුත් ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවත් මේ හේතුවෙන් කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත්ය.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Maduka
මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ජුනි මාසයේ ද ක්‍රියාත්මක වන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් වනවා.
තද වැසි සහ සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදන හෙට (31) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු එම මුහුඩු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (30) නියම කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවනු ලබන බවයි.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක නඩුවට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලැයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව නඩුව ජුලි 11 වැනිදා කැඳවීමට දින නියම කළේය.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රකාශ පත් කළා.
ඒ අනුව සිදුවීම වන සමයේ සතොස සභාපතිවරයා ලෙස ක්‍රියා කළ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවමක් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.
නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.
නව කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ බවයි.
ඉන් අනතුරුව පසුගිය 21 වැනිදා ඔහු මියගොස් ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.
හමාස් සංවිධානයේ නායක මොහොමඩ් සින්වාර්, 2023 ඔක්තෝබර් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු වන යාහියා සින්වාර්ගේ බාල සහෝදරයා වනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව පැවසුවද හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නැහැ.
2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ ඝාතනය කළ අතර 250 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබූ අතර ඉන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 53,000 ඉක්මවනවා.
දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන් පැවසුවේ හෙට (30) මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ , ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් මේ වන විට ඇය ප්‍රකාශය ලබා දී ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.